About

ගුරුවරයා ගැන සටහනක්

රත්නපුර කලවාන ගාමිණි මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබාගෙන 2004 වර්ෂයේ පාසලේ හොදම උසස්පෙළ ප්‍රතිඵල බිහිකරමින්, දිවයිනේ හොදම ප්‍රතිඵල ලබාගත් සිසුන් ඇතුලත් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරන අධ්‍යයන අංශයට (Accounting Department) බැදී උපාධිය සම්පුර්ණ කර, වර්තමානය වන වින ගිණුම්කරන විෂය සදහා ඉහළම ගුණාත්මක උපකාරක පංති කරන ගුරුවරයා බවට පත්ව ඇත.

සාමාන්‍යයෙන් උසස් පෙළට හොද ප්‍රතිඵල ගන්නා සිසුන් අධ්‍යාපනයේ පමණක් නියැළි සිටින බවට මතයක් පැවතියත් අමිල අකලංක උසස්පෙලට ඉහළ ප්‍රතිඵලයක් ලබාගන්නේ කලවාන වැනි දුෂ්කර ප්‍රදේශයක නොයෙකුත් දුක් කම්කටොළුවලට මුහුණ දෙමින් විෂය බාහිර කටයුතුවලටද ඉතා සක්‍රීයව දායක වෙමිනි. ඔහු උසස් පෙල කරන අවදියේදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත්, ජාතික ශිෂ්‍යභට බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙසත් (R.S.M), පාසලේ ක්‍රීඩා නයකයා ලෙස ද තම දක්ෂතා දක්වමින්ය.

Join Online Class